Thursday, August 17, 2017

....ෆර්දාව.....

හිටගෙන පොලිමේ
අමාරැවෙන් වෙවුල වෙවුලා
සිටි නිසා ඇය
ඉඩ දුන්නෙ අසුනෙන් නැගිට
ඒ මැහැල්ලට....හමුවෙන්න
ඉක්මනින්ම...
දොස්තර මහත්තයව....


පොලිමේ පිටුපසින්
සිටි අනෙක් අය...
නොකී මුත් කිසිවක්
මා දවාලන ගිනි පිට කරන ඒ දෑස්....
සිහිකල හැකිද කාට??

රන් හා වටින කාලය
කැප කල නිසා මැහැල්ලට
නෑ නෑ
ඇගේ හිස මත පැලඳි ඔටුන්න...
ෆර්දාව......